ශ්‍රී ලංකා මාතාවගෙන් විශ්වයට දායාද වූ සිංහරාජ වනපෙතේ පහස ලබමින් ගාලු දිසාවට අනුවර්තයන් එක් කරන ගිං ගඟ කොමළිගේ සිසිලස ලබමින් අධ්‍යාපනය නැමැති ආලෝක ධාරාව දසත පතුරවමින් විරාජමාන ව බබළන ගා/නෙළුව ජාතික පාසල එච්.ඇල්.දොන් ජේම්ස් විජයරත්න මැතිතුමාට රජයේ ලැබුනු ඉඩම පාසලක් ඉදිකිරීමට පරිත්‍යාග කළ අතර ශ්‍රී සමයාධාර සමිතියේ සාමාජිකයින්ගේ නායකත්වයෙන් හා කැපවීමෙන් කටු මැටි ගසා පොල් අතු සෙවිලි කර පාසල සදහා ගොඩනගිල්ලක් සිසුන් 6 දෙනෙකු සමග 1907 නෙළුව මහාබෝධි මිශ්‍ර පාසල නමින් බිහි විය. ඒ සදහා මුල් කාලයේ මුල් ගුරුවරයා වූයේ ඇස්.ටී කීර්තිචන්ද්‍ර මහතාය.1910 දී පාසලේ අධ්‍යාපන කටයුතු මහාබෝධි සංගමයට භාර කෙරිණි.ඉන් පසු පාලනය භාරවූ යේ පරම විඤ්ඤානාර්ථ් බෞද්ධ සංගමයටයි.1995 වසරේදී ප්‍රථම වරට 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ සිසුන් 06 දෙනෙකු සමත් වූ අතර සිසුන් 12 දෙනෙකු විශ්වවිද්‍යාල සුදුසුකම් ලැබීය.පාසල් ආදි ශිෂ්‍යයෙකු වූ එවකට අධ්‍යාපනය හා වෘත්තීය පුහුණු ඇමති ලෙස කටයුතු කළ පියසේන ගමගේ ඇමතිතුමාගේ දායකත්වය මත පාසලට නව ක්‍රිඩා පිටියක් තැනීම,ශ්‍රවණාගාරයක් ලබාදීම,දන්ත චිකිත්සාගාරයක් ලබාදීම, ආදිය ඒ කාලයේ සිදුවිය.
1971 දී ප්‍රථමවරට ශිෂ්‍යයාවක් සරසවි වරම් ලැබීය.1972 දී සිසුන් 5 දෙනෙකු විශ්වවිද්‍යාල වරම් ලැබීය.මේ වකවානුවේදී නෙළුව ජාතික පාසලේ නම නෙළුව ජිනරතන විද්‍යාලය ලෙස වෙනස් විය.1978 මාර්තු මාසයේදී නෙළුව මහා විද්‍යාලය ලෙස නම් කරන ලදී.1981 දී සාමාන්‍ය පෙළ විද්‍යාගාරය විවෘත කරන ලදී.1983-1992 අතර කාලය ස්වර්ණමය යුගය ලෙස හැදින්විය හැකිය.එයට හේතුව “නෙළුව මධ්‍ය මහා විද්‍යාලය” බවට පත් වීමයි.
1984 දි ප්‍රථම වරට පෙරදිග තූර්ය වාදක කණ්ඩායම ආරම්භ විය.මෙම කාලයේදී කලා,වාණිජ,විද්‍යා යන විෂයන් සමගින් උසස් අධ්‍යාපනය ආරම්භ කරන ලදී.2005-2006 පාලන කාලය තුළ පාසල ඉදිරිපිට තාප්පය ඉදිකළ අතර විද්‍යාලය මාධ්‍ය ඒකකය පිහිටුවන ලදී.2010 දී විහාරමහාදේවී තෙමහල් ගොඩනැගිල්ල හා පුස්තකාලය විවෘත කරන ලදී.2016 වසරේදී ප්‍රාථමික අංශය සම්පූර්ණයෙන්ම ඉවත් වී ද්විතීක පාසලක් බවට පත් විය.2015 කාලය තුල 06 සිට 11 ශ්‍රේණියේ දක්වා වැඩි කර පන්ති 7 ක් දක්වා වැඩිකර ඇත.
උඩුගම කලාපයේ හොදම පාසල් අතරේ මුල් ස්ථානය ලබා ගැනීමට අප පාසල සමත් වී ඇත.
ආරම්භ කළ වර්ෂය |
1907 |
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
01 |
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
6 |
මුල් ගුරුතුමාගේ නම |
ඇස්.ටී කීර්තිචන්ද්‍ර මහතාය |
පාසලේ ආදි කතෘගේ නම |
අනගාරික ධර්මපාල තුමා |
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
පාසලේ නම |
නෙළුව මහාබෝධි විද්‍යාලය |
පාසල භාරව කටයුතු කිරීම |
මහාබෝධි සංගමය |
පාසල රජයට පවරාගත් දිනය |
1955 ඔක්තෝම්බර් 15 |
පාසල පැවැත්වූ ස්ථානය |
එච්.ඇල්.දොන් ජේම්ස් විජයරත්න මැතිතුමාට රජයේ ලැබුනු ඉඩම |
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
- |
ප්‍රථම ශිෂ්‍යයාවගේ නම |
ආර්.එම්. විමලාවතී |
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
1940 දෙසැම්බර් 10 දින |