• (+94) 913905369
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Neluwa National School

ගා/නෙළුව ජාතික පාසල

උඩුගම කලාපය

  • Register
  • Login
Neluwa National School

ගා/නෙළුව ජාතික පාසල

උඩුගම කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • නීති හා රෙගුලාසි
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් දළ සැලැස්ම
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • කනිෂ්ඨ අංශය
      • ජ්‍යේෂ්ඨ අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්ය මණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්ය මණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
      • සාමන්‍ය පෙළ විභාග ප්‍රතිඵල
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • භාගත කිරීම්

අපේ පාසල ගැන

Toggle navigation

නීති හා රෙගුලාසි

  • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  • නීති හා රෙගුලාසි
  • අනන්‍යතාවය
  1. Home
  2. අපේ පාසල ගැන
  3. නීති හා රෙගුලාසි

නීති හා රෙගුලාසි

01. සියලුම ශිෂ්‍ය ශිසෂ්‍ය‍යාවන් පෙ.ව. 7.30 ට පෙර පාසලට පැමිණීය යුතුය.


02. විශේෂ හේතුවක් නොමැතිව සහ නියමිත අවසරයකින් තොරව පන්තියෙන් බැහැරවිය නොහැක.


03. පන්ති ඉගැන්වීම් කාල සීමාව තුල හෝ ඉන් පිටත අත් අල්ලාගෙන සහ කරට අත දමාගෙන කණ්ඩායම් ලෙස හැසිරීම නොකල යුතුය.


04. ප.ව. 1.30 ට පෙර පාසලෙන් අනවසරයෙන් බැහැර නොවිය යුතුය.


05. සියලු ශිෂ්‍ය ශිෂ්‍ය‍යාවන් සපය ඇති ආකෘතියට අනුව ම සැකසුනු නිළ ඇදුමකින් සැරසී පැමිණීය යුතු අතර කුමන ආකාරයක හෝ වෙනස් කිරීමක් කිරීම සපුරා තහනම් වේ. අත් දිග කමීසය අත් කපා ඇදීම ද තහනම් වේ.


06.පිරිමි ළමුන් කොන්ඩය කොටට කපා පැත්තට පීරා තිබිය යුතු අතර,විවිධ ආලේපන නොගැල්විය යුතුය.


07.ගැහැන ළමුන් කොණ්ඩය දිගට ඇත්නම් හිස මැදින් පීරා කොණ්ඩය කරල් දෙකක් වන සේ ගොතා රිබන් පටියකින් බැද ,පිට දිගට දමා තිබිය යුතුය. කොණ්ඩය කපන්නේනම් කන්දෙක පෙනෙන සේ කපා ,ක්‍රමවත්ව පීරා තිබිය යුතුය.


08.සියලු ශිෂ්‍ය ශිෂ්‍ය‍යාවන් ජංගම දුරකතන,විෂයන්ට අදාල නොවන් සං‍යුක්ත තැටි වැනි පාසලට හානියක් වන කිසිම උපකරණයක් භාවිත නොකල යුතුය.


09.පිරිමි ළමුන් කලු සපත්තු හා නිල් මේස් ද,ගැහැනු ළමුන් සුදු සපත්තු හා සුදු මේස් පමණක් පැලදිය යුතුය.


10.දිවා ආහාර රැගෙන ඒම සදහා කෑම පෙට්තියක් පමණක් භාවිත කල යුතු අතර,දිරා පත් නොවන දවටන නොගෙන ආ යුතුය.


11.පාසල් වේලාවෙන් පසුව හා නිවාඩු දිනයන් හීදී නිසිපරිදි ලබාගත් අවසරකින් තොරව හෝ ගුරු මහත්මියක්/මහත්මයෙක් ගේ කැදවීමකින් තොරව පාසලේ රැදී සිටීම,ඔබට විරුද්ධව චෝදනා එල්ල වීමට හේතුවක් වෙනු ඇත.


12.පාසල සතු දේපල සහ සම්පත් ආරක්ෂා කිරීමට,සුරක්ෂිත කිරීමට හා මැනැවින් පරිහරණය කිරීම සිදු කළ යුතු අතර,ඒ පිලිබද නිරන්තර විමසිල්ලෙන් සිටිය යුතුය.


13.ගුරුවරුන් හා සෙසු කාර්ය මණ්ඩලය සමග කටයුතු කිරීමේදී පාසල් ගෞරවය ආරක්ෂා වන පරිදි කටයුතු කළ යුතු අතර,ගුරු ගෞරවය නිරතුරු රැකීම ඔබගේ වගකීමයි.


14.පාසලෙන් පිටත දී සිදුවන කටයුතු වලදී අනවශ්‍ය මැදිහත්වීම් සහ අනවසරයෙන් සම්බන්ධ වීමට ඔබට අයිතියක් නොමැත.


15.සියලු ශිෂ්‍ය ශිෂ්‍ය‍යාවන් පාසැල තුල හෝ පිටත නොගැළපෙන සබදතා හෝ ශිෂ්‍යභාවය හානිවන සබදතා පැවැත්වීමෙන් වැළකිය යුතු අතර ,ඔබගේ පාසල් පැමිණීම කෙරෙහි එය බලපානු ඇත.


16.ඔබට,මව/පියා හෝ භාරකරු සමග පාසලට පැමිණීමට දැන්වූ විටක දී,එම අදාල දින නියමිත වේලාවට පැමිණීම අනිවාර්ය වේ.


17.සියලු පාසල් සංවර්ධන රැස්වීම් සඳහා මව/පියා හෝ භාරකරු සහභාගී වීම අනිවාර්ය වේ.


18.පාසල් පුස්තකාලයෙන් ලබාගන්නා සියලු පොත්පත් නියමිත වේලාවට නැවත භාරදිය යුතු අතර,ඒවා අදාල ලේඛන වල සටහන් ජකරග්ත යුතුය.


19.සියලුම ශිෂ්‍ය ශිෂ්‍ය‍යාවන් ශිෂ්‍ය නායක නායිකාවන්ගේ මඟපෙන්වීම අනුගමනය කළ යුතු අතර,ඒවා අදාල ලේඛන වල සටහන් කරගත යුතුය.


20.පාසැල් ආචාරධර්ම පද්ධතියට හානි කරවීම හෝ හානි කිරීමට අනුබල දීම ඔබගේ ශිෂ්‍ය භාවය අහෝසි වීමටද හේතු විය හැක.


21.සියලු සිසුන්ගේ විෂය සමගාමි සහ බාහිර කටයුතු වලදී වගකීම අදාල ගුරු භවතුන් දරණ අතර,ඒ පිළීබඳ අවසන් තීරණය ගැනීම අදාල ගුරු භවතා සතුය.


22.පාසලට පැමිණෙන සෑම තරා තිරකම බාහිර පුද්ගලයින්ට සහ අමුත්තන්ට නිසි ගෞරවය දැක්විය යුතු අතර,ඔවුන්ට ගෞරවය පිළීගැනීමක් ලැබොය  යුතුය.


23.පාසල තුල හෝ ඉන් පිටත පාසැල් අභිමානයට හානි වන කිසිඳු දෙයකට සම්බන්ධ වීමෙන් වැළකිය යුතුය.


24.පන්තියෙන් බැහැර වීමේදී අවසර පත්‍රය අනිවාර්යයෙන් ලඟ තබා ගත යුතුය.


25.සියලු පිරිසිඳු කිරීම් උදෑසන 7.25 ට පෙර අවසන් කළ යුතුය.


26.පාසලට ඇතුලු වීම හා පිට වීම ප්‍රධාන දොරටුවෙන් පමණක් කළ යුතුය.

Neluwa National School

ගා/නෙළුව ජාතික පාසල

උඩුගම කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය  Neluwa National School,Neluwa
  • දුරකථන(+94) 913905369
  • ෆැක්ස්(+94) 912285034

Supported By

© 2025 Neluwa National School. All rights reserved. Design with by Webcomms Global | Help Desk