පාසලේ අනන්‍යතාවය, පිළිවෙල හා සාමුහිකත්වය ඔප්නංවන ප්‍රධාන අංගය නිළ ඇදුමයි. නිල ඇදුම භාවිතා කිරීමේදී පහත දැක්වෙන නීති රීති අනුගමනය කිරීම අනිවාර්ය වේ.
පිරිමි ළමුන් (1-9)
- නිල් කොට කලිසම ඇඳිය යුතුය.
- අත් කොට කමිසය වැලමිට දක්වා දික් විය යුතු ය.
- කොණ්ඩය කොටට කැපීම අනිවර්යය වේ.
- කමීසයේ සාක්කුව දකුණු පස අනිවාර්යයෙන් නිල ලාංඡනය ස්ථිරව ම අල්ලා තිබිය යුතුය.
- කලිසම ඇඟට හිර නොවන සේ ඉඩකඩ ඇතිව මැසිය යුතු ය.
- කමීස අතේ වට ප්‍රමාණයට වඩා අඟල් 2.5ක් වත් විය යුතු ය.
පිරිමි ළමුන් (10-13)
- සුදු දිග කලිසම් පාද ( ෆෝල්ඩ් ) අගල් 16 ට අඩු නොවිය යුතුය .
- කලු සපත්තු පැළඳිය යුතු ය. ( සපත්තුවේ මුහුණත උල් නොවිය යුතුය උස් නොවිය යුතුය )
- කමීසයේ සාක්කුව දකුණු පස අනිවාර්යයෙන් නිල ලාංඡනය ස්ථිරව ම අල්ලා තිබිය යුතුය .
- අත් කොට කමිසය වැලමිට දක්වා දික් විය යුතු ය.
- කොණ්ඩය කොටට කැපීම අනිවර්යය වේ.
- කිසි විටෙකත් රබර් සෙරෙප්පු නොදැමිය යුතු ය.
- ශිෂ්‍ය නායකයින් නිල ලාංඡ්නය පැළඳිය යුතු ය.
- ශිෂ්‍ය නායකයින් අත් දිග කමිස ඇඳිය යුතු ය.
- රැවුල කැපිය යුතු සිසුන් එය නිසි පරිදි සම්පූර්ණයෙන් ම කැපිය යුතු ය.
- කලිසම ඇඟට හිර නොවන සේ ඉඩකඩ ඇතිව මැසිය යුතු ය.
- කමීස අතේ වට ප්‍රමාණයට වඩා අඟල් 2.5ක් වත් විය යුතු ය.
නිල ඇඳුම සඳහා අත් ඔර්ලෝසු පැළඳීම සපුරා තහනම් වේ.
ගැහැණු ළමුන් (6-13)
- කොණ්ඩ කපන්නේ නම් පිළිවෙලකට කැපිය යුතුය. නැතහොත් කොණ්ඩය මැදින් බෙදා කරල් දෙකක් වන සේ ගොතා අගිස්ස නවා කළු පාට රිබන් පටියකින් ගැට ගැසිය යුතුය.
- උරහිසෙහි සිට අතෙහි වැලමිට පිහිටි ස්ථානයේ ඉන පටිය තිබිය යුතුය.
- පටියේ බොත්තම් යොදා සම්බන්ද කළ යුතුය. කටු නොගැසිය යුතුය.
- ටයි පටිය නියමිත ආකාරයට පැළදිය යුතුය.
- දණ ගැසූ විට ගවුම බිම ස්පර්ෂ වන සේ තිබිය යුතුය.
- කළු සපත්තු පැළදිය යුතු අතර ඒවා ලේස් රහිත විය යුතුය.(පාසල විසින් හදුන්වා දුන් සපත්තු)
- ඇහි බැමට, කොණ්ඩයට මෝස්තර නොයෙදිය යුතුය.
- ටයි පටිය හා ගවුමේ දකුණු පස නිල ලාංඡනය පැළදීම අනිවාර්‍ය වේ.