ක්‍රිකට් සංගමය

  • 6,7,8 ශ්‍රේණි වල සිසුන්ගේ ක්‍රිකට් ක්‍රීඩා කිරීමට කැමති සිසුන් තෝරා ගැනීම .
  • පාසල අවසන් වීමෙන් අනතුරුව ප.ව.2.00 - 4.00 දක්වා කාලය තුළ දී කැමති සිසුන්ගේ දක්ෂතා අධීක්ෂණය කිරීම .
  • පන්දු යැවීමට , පන්දුවට පහරදීමට හැකි හා පන්දු ඇල්ලීමට හැකි සිසුන් තෝරා ගැනීම.
  • 6,7හා 8 ශ්‍රේණි වලින් පන්දු යැවීම , පන්දුවට පහර දීම හා පන්දු රැකීම යන අංශයන්ට දක්ෂ සිසුන් 40 තෝරා ගැනීම. දෙමාපියන්ගේ හා ගුරුවරුන්ගේ අනුමැතිය මත ක්‍රිකට් සංගමයක් පිහිටුවා ගැනීම.
  • නව ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරමින් නව නිලධාරී මණ්ඩලයක් තෝරාපත් කරගැනීම.
  • ක්‍රිකට් සංගමය හරහා ගිණුමක් ආරම්භ කිරීම.
  • තෝරා ගන්නා ලද ක‍්‍රීඩකයින් 40 දෙනා පුහුණු කිරීම සහ සම්මුඛ පරීක්ෂණ තුළින් පුහුණු කරුවෙකු තෝරා පත්කර ගැනීම.
  • කොන්දේසි රාමුවක් තුළ ක්‍රිකට් කමිටුවෙන් ලියාපදිංචි , සුදුසුකම් ලද පළපුරුදු පුහුණුකරුවෙකු බඳවා ගැනිම.
  • කාල සටහනකට අනුව 13 න් පහළ ක‍්‍රීඩකයින් 40 දෙනා පුරුදු පුහුණු කිරීම.
  • ඔවූන්ගේ දක්ෂතාවන් මත කණ්ඩායම් දෙකකට වෙන් කිරීම.
  • දක්ෂ ක‍්‍රීඩකයින් කණ්ඩායම ලෙසත් අනෙක් කණ්ඩායම ලෙසත් නම් කිරීම.
  • එක් කණ්ඩායමකට ක‍්‍රීඩකයින් 20 බැගින් ලියාපදිංචි කරයි.
  • ක‍්‍රීඩකයින් පුහුණු කිරීම සඳහා අවශ්‍ය ක්‍රිකට් උපකරණ ක්‍රිකට් සංගමයෙන් ලබා දීම.