01. 2014 වර්ෂයේ දී ආරම්හ වූ ප්‍රථමාධාර සංගමය රතු කුරුස සමාඡය මගින් ආපදා අවස්ථාවක සිදුවන උවදුරු පිළිබද දැනුවත් කිරීමේ වැඩ සටහන් ක්‍රියාත්මක වූ අතර , ඒවායේ දී ආපදා අවස්ථාවක සිදුුවන අනතුරු හා පාසලේ ආපදාවන් සදහා යොමුවන ස්ථාන නිශ්චිතව හඳුනාගෙන ඒවා සිතියම් ආකාරයෙන් ප්‍රයෝගික දැනුම දෙමින් දේශන පවත්වන ලදී .
02. අප සංගමය ලබාගත් ඡයග්‍රහණ
- ශ්‍රී ලංකා රතු කුරුස සමාඡය මගින් රු.100,000.00 පමණ වියදමින් ප්‍රථමාධාර කට්ටලයක් පිරිනැමීම .
- මාධ්‍ය ඒකකයට අවශ්‍ය උපකරණ රාශියක් ලැබීම . (රු.45,000.00 )
- රිය නියාමක සංගමයට අවශ්‍ය ඇදුම් කට්ටල හා උපකරණ ලබාදීම රතු කුරුස සමාඡය මගින් සිදුකරන ලදී .
03. සෑම පන්තියකම සිසුන් දෙදෙනා බැගින් සංගමයේ සාමාඡිකයින් වශයෙන් කටයුතු කළේය .
04. බෙහෙත් ද්‍රව්‍ය මිලදි ගැනීම සඳහා සෑම වසරකම රු. 6,000.00 ක මුදලක් පාසල් සංවර්ධන සමිතියේ මගින් ලබා දෙන ලදී. සිසුන් රෝගී වු අවස්ථාවල දී අවශ්‍ය ප්‍රථමාධාර ලබා දිමෙන් පසු රෝහල කරා රැගන යන සිසුන්ගේ නාම ලේඛනයක් පවත්වාගෙන ගිය අතර ඔවුන් හට ලබාදෙන ප්‍රථමාධාරය හා බෙහෙත් ද්‍රව්‍ය සඳහන් කර ලිපි ලේඛන පවත්වාගෙන යන ලදි .