පාසල විසින් කාලයක් තිස්සේ සිසු සිසුවියන් ඇගයීම සඳහා පැවැත්වූ ත්‍යාග ප්රධානෝත්සවයේ පැවැති න්‍යායන්ගෙන් මිදී "වර්ණවත් සිසු ප්‍රජාවක් තුළින් වර්ණවත් පාසලක්" යන විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලයේ නව සංකල්පය පරිදි "විද්‍යාභිමානි- 2022(2023)" , 2023 අප්‍රේල් මස 03 වන දින පැවැත්වීමට නියමිතව ඇත. එහිදී සිසු සිසුවියන් තම දක්ෂතා තමන්ම හඳුනාගෙන තමන් වර්ණයක් ලබාගැනීමට සුදුසු බව සම්මුඛ පරීක්ෂණයකට ඉදිරිපත් වී තම දක්ෂතා සාක්ෂි මඟින් පැහැදිලි කර පසු ඒ සඳහා වර්ණයක් ලබාදීම සිදුවන අතර එහිදී සිසු සිසුවියන් තෝරාගැනීම සඳහා පහත නිර්ණායක ඔස්සේ අධීක්ෂණය සිදු කර ඇත.
🔷පළමු නිර්ණායකය -පන්ති කාමරය හා බාහිර පිරියත සංවිධානය
පොදුවේ පන්තියේ සියලු දෙනාගේ සහයෝගයෙන් සපුරා ගත යුතු නිර්ණායකයකි.
පන්ති තේරීමේ තරගයෙන්, ශ්‍රේණි අනුව සමස්ථ පාසලේ ප්‍රථම ,දෙවන ,තෙවන ,සිව්වන හා පස්වන ස්ථාන ලබා ගත් පන්ති කාමර වල සිසුන් මෙම නිර්ණායකය සපුරා ගත් සිසුන් ලෙස තෝරා ගන්නා ලදී.
🔷දෙවන නිර්ණායකය -පන්ති කාමරයේ සියලු සිසුන්ගේ වාර විභාග ලකුණු සාමාන්‍ය 60% ඉක්මවීම.
පොදුවේ පන්තියේ සියලු දෙනාගේ සහයෝගයෙන් සපුරා ගත යුතු නිර්ණායකයකි .
දෙවන වාර විභාගයේදී පන්තියේ අඩුම ලකුණු ලබා ගත් සිසුවාගේ ලකුණු සාමාන්‍ය සදහා මෙහිදී ලකුණු ලබා දුන් අතර ඒ සදහා මුළු ලකුණු 20 න් 10 හෝ 10 ට වැඩි ලකුණු ලබා ගත් පන්ති වල සිසුන් මෙම නිර්ණායකය සපුරා ගත් සිසුන් ලෙස තෝරා ගන්නා ලදී.
🔷තුන්වන නිර්ණායකය -විෂය සමගාමී ක්‍රියාකාරකම් .
ක්‍රීඩා /සංගම්/ උදෑසන රැස්වීමේ ඉදිරිපත් වීම /පුස්තකාල භාවිතය හා දරා ඇති නායකත්වයන් යන උප නිර්ණායක සදහා මුළු ලකුණු 20 න්10 හෝ10ට වැඩි ලකුණු ලබාගත් සිසුන් තෝරා ගන්නා ලදී.
🔷සිව්වන නිර්ණායකය -ධනාත්මක ආකල්ප
දහම් පාසල් සහභාගිත්වය /උපෝසත සිල් සමාදන් වීම /ප්‍රජා සේවා/ පාසල් පැමිණීම /හැසිරීම යන උප නිර්ණායක සදහා මුළු ලකුණු 20 න් 15 හෝ 15 ට වැඩි ලකුණු ලබා ගත් සිසුන් තෝරා ගන්නා ලදී.
🔷පස්වන නිර්ණායකය -විෂය හා විෂය සමගාමී ජයග්‍රහණ
කලාප /දිස්ත්‍රික්/ පළාත්/ සමස්ථ ලංකා ජයග්‍රහණ හා වාර විභාග ලකුණු යන උප නිර්ණායක සදහා මුළු ලකුණු 20 න් 10 හෝ10ට වැඩි ලකුණු ලබා ගත් සිසුන් තෝරා ගන්නා ලදී.
🔺එහිදී ඉහත සියලු තොරතුරු සත්‍ය බව සනාථ කර ඇත්නම් පමණක් ලකුණු ලබා දීම සිදු කරන ලදී.
එලෙස වර්ණ දිනයේ පදක්කම් ලාභී සිසුන් තෝරාගැනීමෙ දී,
- නිර්ණායක 1ක් හෝ 2 ක් සපුරා ඇත්නම් -ලෝකඩ
- නිර්ණායක 3ක් සපුරා ඇත්නම් -රිදී
- නිර්ණායක 4ක් හෝ 5ක් සපුරා ඇත්නම් -රන්
ආදී වශයෙන් වර්ණ ලබාදීමට නිර්දේෂ කර ඇත.